8 හා 9 වැනි සඳහා එකම දෙමළ ප්‍රශ්න පත්‍රය දීලා


මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේවාර විභාගය සඳහා සිංහල මාධ්‍ යසිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂයප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීමසම්බන්ධයෙන්විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

අද (21) දිනපැවති එම වාර විභාගයේදීඅටවැනි ශ්‍රේණියට සැකසූදෙමළවිෂයේ ප්‍රශ්න පත්‍රයටනමය වසර වශයෙන් මුද්‍රණය කොටඑකම අන්තර්ගතය ඇතුළත් ප්‍රශ්න පත්‍රයක්නමය වසරේ සිසු සිසුවියන්ටදලබාදී තිබෙන බවලංකා ගුරු සංගමයේ ලේකම්ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාල එකක් බවත්කිසියම් අතපසුවීමකින් 09 වැනි ශ්‍රේණියේ සිසුන්ටද එම ප්‍රශ්න පත්‍රයම ලබා දී ඇති බවද පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බව පැවසූ අධ්‍යක්ෂකවරයා 09 වැනි ශ්‍රේණියේ සිසුන්ට අදාල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේමධ්‍යම පළාතේ අධ්‍යාපනය විශාල කඩා වැටීමකට ලක්වී ඇති බවත් ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පරිපාලන දුර්වලතා බවයි .

මෙම සිදුවීම සුළුකොට තැකිය නොහැකි බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්ව විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතුව තිබෙන බවපැවසූ ස්ටාලින් මහතාවිභාග සම්බන්ධයෙන්දරුවන් හා දෙමාපියන් තුළ පවතින විශ්වාසය පසුගිය කාලය පුරා වූ විවිධ සිදුවීම් හේතුවෙන් පළුදු වී ගොස් තිබෙන බවත් මෙවැනි සිදුවීම් නිසා එම තත්ත්වය තවත් ඉහළ යන බවත්ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles