77 වැනි නිදහස් දින සමරු උත්සවය මෙරට නව යුගයක සමාරම්භය සනිටුහන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච්.අබේරත්න මහතා පැවසීය.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“77 වැනි නිදහස් දින සමරු උත්සවය මේ රටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් දින උත්සවයක් බවට පත්වීම අනිවාර්යයි. ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ තමයි මෙවර නිදහස් උත්සවය සමරන්නේ. ”