46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි


මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 63 හැවැරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝගියා මිය යාමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ස්වසන පද්ධතියේ ඇතිවූ සංකූලතාවයකි.

මෙම මරණය ශ්‍රී ලංකාවේ වාර්තා වන 46 වැනි කොවිඩ් මරණයයි.



Recommended Articles