සෑම වර්ෂයකම මාර්තු මස 24 දිනට ජ යෙදෙන අතර මෙවර එම දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පා ගමනක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්විණි.
එම පාගමන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ ස්ථාපිත කොළඹ දිස්ත්‍රික් ලය සායනය අසලින් ආරම්භ වී කොළඹ ජාතික රෝහල දක්වා ගමන් කරන ලදී.
“ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක. කැප වෙමු, ආයෝජනය කරමු, සේවා සපයමු” තේමා කර ගනිමින් මෙවර ලෝක ක්ෂය රෝග දිනය මෙරට සමරනු ලැබී ය.
බෝවන රෝග සැලකිල්ලට ගත්විට බැක්ටීරියා මගින් බෝවන රෝග අතරින් වර්තමානය වන විට ලෝකයේ වැඩිම මරණ ප්‍රමාණයක් ක්ෂය රෝගයෙන් සිදු වන බව හඳුනාගෙන ඇති බවත්, ඖෂධ ප්‍රතිරෝධී තත්ත්වයන් සිදුවන බැවින් එවැනි තත්ත්වයන් ඇති වුවහොත් රටක් ලෙස අපිට ද, විශාල පිරිවැයක් ඒ වෙනුවෙන් දැරීමට සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පා ගමන අවසානයේ අදහස් දක්වමින් පෙන්වා දෙන ලදී.
එසේ වුවහොත් නිරෝගීමත් ජනතාවක් නොමැති වීම රටට, ජාතියට බලපෑමක් සිදුවන බව ද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවර ක්ෂය රෝග දින තේමාවේ ප්‍රධාන මාතෘකා තුනක් පිළිබඳව අවධානය යොමු කරන බව ද පැවසී ය.
කැපවීම යන පාඨය ගත්විට දේශපාලඥයින් වන තමන්ට ඇතුළු කණ්ඩායමට විශාල වගකීමක් පැවරෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සදහා ප්‍රතිපත්ති, අණපනත් සම්පාදනය කිරීම, මූල්‍යම දායකත්වය ලබා දීම. දේශපාඥයින්ට පැවරී තිබෙන බව ද ප්‍රකාශ කළේ ය.
දෙවන කරුණ ආයෝජනය වන අතර , රජය මෙන් ම රාජ්‍ය නොවන සංවිධානත් ආයෝජනය මේ සඳහා කරන බව ද පෙන්වා දෙන ලදී.
තුන්වන කරුණ ලෙස සේවා සැපයීම, විද්‍යානුකූලව රෝගීන් හඳුනා ගැනීම, රෝග විනිශ්චය, හදුනාගත් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම, පසු විපරම, පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරන බව ද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන්ම ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගී තත්ත්වය වැනි අවස්ථාවක් ඇති වූවහොත් එම තත්ත්වයන්ට භාවිතා කිරීමට නිර්දේශිත ඖෂධ ඉතාමත් මිල අධික වන බව ද පැවසී ය.
2035 වන විට මෙරට ක්ෂය රෝගීන් ප්‍රමාණය 90% කින් අඩු කර ගැනීම සහ ක්ෂය රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය 95% කින් අඩු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්ක බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී
2024 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 9200 ක් වාර්තා වී ඇත. පිරිමි රෝගීන් 5291 ක් වන අතර ගැහැනු රෝගීන් ගණන 3259 ක් වේ. පසුගිය වර්ෂයේ දී මෙරටින් වාර්තා වූ ළමා ක්ෂය රෝගීන් ගණන 250 කි. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.
සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පවතින කැස්ස, මද උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරුචිය, රාත්‍රියට දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හතිය, කහින විට ඇතිවන පපුවේ වේදනාව, සෙම සමඟ ලේ පිටවීම ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වේ. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය නිට්ටාවට සුවකර ගත හැක.
1882 මාර්තු 24 වන දින වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium Tuberculosis බව ප්‍රකාශ කිරීමත් එය සැමරීම පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.
ක්ෂය රෝගය මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් (Mycobacterium Tuberculosis) නම් බැක්ටීරියාව මගින් වැළදේ. රෝගියෙකු කසින, කිවිසින විට වාතයට මුසුවන සෙම බිඳිති මගින් ආශ්වාසය හරහා රෝගය වැළදේ. බැක්ටීරියාව ශරීර ගතවන සෑම පුද්ගලයෙකුම රෝගයට ගොදුරු නොවන අතර රෝග කාරක බැක්ටීරියාව නොමැරී බොහෝ කාලයක් සිරුර තුළ පවතී. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අනුව රෝගය වැළදෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
දිවයින පුරා රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාපිත කර ඇති ලය සායන 26 ක්, සෙම පටල පරීක්ෂා කරන මධ්‍යස්ථාන 160 කට වැඩි සංඛ්‍යාවක්, ශාඛා සායන 108 ක් මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලයේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සලසා ඇත. මෙම මධ්‍යස්ථාන වෙත යොමු වීමෙන් තමන් ක්ෂය රෝගියෙකු ද යන්න කල්තියා හඳුනා ගත හැකි අතර, ඒ අනුව ප්‍රතිකාර සදහා යොමුවීමේ හැකියාව ලැබෙනු ඇත.
ක්ෂය රෝග හා ලය රෝග මර්දන පිළිබද ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රමිතා ශාන්ති ලතා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද හෙදියන්, විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.