2021 සිට 2023 දක්වා අලි වැටට රු. කෝටි 235ක් වැය කළත් වැඩක් වෙලා නෑ


විදුලි වැටවල් ඉදිකිරීම සහ  එහි නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර (2021-2023)තුනක කාලයෙහිදී රජය විසින් රුපියල් දෙසිය තිස්පන් කෝටි,පනස්අට ලක්ෂ,අසූ දෙදහස් දෙසිය හතළිස් අටක මුදලක් (2,355,882,248)  වැයකොට ඇතත්  අලි මිනිස්  ගැටුම් අවම වීමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය  මගින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසර පහ තුළ සිදුවූ  අලි මරණ , මිනිස් මරණ හා  දේපළ හානි සැලකිමේ දූ  විදුලි වැටවල් ඉදිකළද අලි මිනිස්  ගැටුම් අවම වීමක් සිදුවි නොමැත. ඉකුත් වර්ෂයෙහිදී විදුලි වැටවල් ඉදිකිරීම සඳහා  රුපියල් පන්කෝටි, අසුහය ලක්ෂ,හතළිස් දහස් එකසිය හතළිස් හතක මුදලක් (58,640,147)  මුදලක් වැයකොට තිබුණි.

එහි නඩත්තු කටයුතු  සඳහා වැයකොට ඇති මුදල රුපියල්  එක්කෝටි,හතළිස් හතර ලක්ෂ,තිස්තුන් දහස්,පන්සිය පනස් දෙකකි (14,433,552).  විදුලි වැටවල් වල සම්පූර්ණ දිග ප්ර්මාණය  කිලෝමිටර් 5389.97කි.

ජිනේෂ් නානායක්කාර/ චන්දන සමරවික්‍රම

 



Recommended Articles