ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරනු ලැබූ බව එහි හිමිකාරත්වය දරන සමගම විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර ඇති ඒ මහතා විජය පුවත්පත් සමාගම හා සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු දරා ඇති අලවිකරණ හා සන්නිවේදන ක්ෂේත්රයේ ප්‍රවිනයෙකි.
තම පත්වීම පිලිබදව අදහස් දක්වමින් විජයරත්න මහතා සදහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරලන LPL මංගල තරගාවලියේදී අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රැසක් සමග තරග වදින "ජැෆ්නා ස්ටැලියන්ස්" හා එක්වීම පිළීබදව ඉමහත් සතුටට පත්වන බවයි.
"ජැෆ්නා ස්ටැලියන්ස්" මෙම තරගාවලියට එක්වන්නේ LPL තරගාවලිය තම මුල් පදනම ලෙස යොදාගනිමින් දක්ෂතා සපිරි ප්‍රාදේශීය ක්‍රීඩකයන් ඔවුනට අවශ්‍යය පහසුකම් හා තාක්ෂණික සහාය සමග වෘතිය හා තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීම කෙරෙහි යොමුකරවීමේ දීර්ඝකලින බලාපොරොත්තු සහිතවයි. එම අරමුණු කරා ළගාවීමට එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාවේ ස්ථානගත ආයතනික කළමනාකරණ කණ්ඩායම සමග කටයුතුකිරීමට ලැබීම උද්යෝගමත් අත්දැකීමක් වෙනු ඇත." විජයරත්න මහතා පැවසිය.
මේ පිළිබදව අදහස් දැක්වූ "ජැෆ්නා ස්ටැලියන්ස්" ප්‍රධාන විධායක නිලධාරී සෙලවා වරන් මහතා සදහන් කළේ "සාරංග විජයරත්න මහතා අලවිකරණ, සන්නිවේදන හා මාධ්‍ය විශේෂඥයෙකු ලෙස ඔහුගේ දැනුම හා අත්දැකීම් අපේ ආයතනයට විශාල ශක්තියක් ගෙන එනු ඇති බවයි. එසේම ඔහුගේ පැමිණීමත් සමගම මුද්‍රිත, දෘශ්‍ය හා ඩිජිටල් මාධ්යතුෙළ ඔහුගේ ලබාගෙන ඇති අත්දැකීම්ද "ජැෆ්නා ස්ටැලියන්ස්" කණ්ඩායමේ පුළුල් අරමුණු ඉටුකරගැනීමට රුකුලක් වනු ඇත.”
"ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම අපේ සන්නිවෙදන යාන්ත්‍රනය ශක්තිමත් කිරීමේ උපාය මාර්ග සකසමින් සිටින මේ අවස්ථාවේදී අප සමග සරංහ විජයරත්න එකතුවීම ශක්තියක්" බවට මේ පිලිබදව අදහස් දැක්වූ "ජැෆ්නා ස්ටැලියන්ස්" ආයතනික සන්නිවේදන අධ්යක්ෂ මහේෂ් අභයවර්ධන මහතා පැවසිය.