වයස අවුරුදු 19න් පහළ පාපන්දු ක්‍රීඩකයන් 06 දෙනෙකුට මාස හයක කාලයක් පාපන්දු ක්‍රීඩාව තහනම් කිරීමට එරට ක්‍රීඩා බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ "කෝවිඩ්-19" වෛරසය වැළැක්වීමේ නීති රීති උල්ලංඝනය කිරීමේ වරදටයි.
මෙම තහනම පනවා ඇත්තේ මෙම ක්‍රීඩකයන් හය දෙනා මධ්‍යම රාත්‍රිය තෙක් මත්පැන් පානය කර ඇති බැවිනි. එය කණ්ඩායමේ වසංගත පාලන රෙගුලාසි දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවද චීන පාපන්දු බලධාරීන් පෙන්වාදී ඇත.
මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයන් තිදෙනෙකු වන රෙන් ලිහාඕ, ලියු ෂුරුන් සහ පෙන්ග් හාඕගේ වැටුප් අත්හිටුවා ඇති බවද ෂැංහයි ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.