වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘බැලොන් ඩි ඕර්’ සම්මානය මෙවර දිනා ගැනීමට ක්‍රොයේෂියාවේ ලුකා මොඩ්රිච් සමත් විය. ඒ ඊයේ (03) රාත්රියේදී පැවති මෙවර සම්මාන උලෙලේදීය. මෙය පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හැරුණු කළ පසුගිය වසර 10 ක කාළය තුළදී වෙනත් ක්‍රීඩකයෙකු විසින් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්තාව විය.
සම්මානය සඳහා නිර්දේශ වූ නාමයන් 30ක් අතරින් ප්‍රසාද ලකුණු 753ක් ලබාගත් මොඩ්රිච් පෙරමුණ ගත්තේ, එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 478ක් ලබා ගත් ක්‍රිස්ටියානෝ රොන්ල්ඩෝටත් තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 414ක් හිමි කරගත් ප්‍රංශයේ ඇන්තනී ග්රිස්මාන්ටත් හිමි කරදෙමිනි. කෙසේ වෙතත් මෙම සම්මානටය වැඩිම වාර ගණනක් දිනා ගත් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ප්‍රසාද ලකුණු 280ක් ලබා ගනිමින් මෙවර 05 වැනි ස්ථානයට පත්වීම විශේෂත්වයකි.
ක්‍රොයේෂියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය හොබවන මොඩ්රිච් පසුගිය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් බෝලය (Golden Ball) සම්මානයද හෙතෙම දිනා ගත්තේය. මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙන මොඩ්රිච් ක්‍රොයේෂියාව වෙනුවෙන් 2006 වර්ෂයේ පටන් ක්‍රීඩා කරමින් තරග 118කදී ගෝල 14ක් ලබාගැනීමට සමත්ව ඇත. මීට අමතරව ලොව දක්ෂතම පාපන්දු කණ්ඩායමක් වන රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ 2012 වර්ෂයේ සිට නිත්‍ය සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කරමින් තරග 180කටද මොඩ්රිච් දායකත්වය ලබාදී ඇත.
මේ අතර 1956 වර්ෂයේදී ආරම්භ වූ මෙම සම්මාන උළෙලේ මෙසී හා රොනාල්ඩෝ දෙදෙනාම ශූරතා 5 බැගින් දිනා ගනිමින් වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව සිටියි.
කෙසේ වෙතත් මෙසී අබිබවා සටහනේ සිවුවැනි ස්ථානය (ප්‍ර.ල. 347)දිනා ගත් ප්‍රංශ යොවුන් ක්‍රීඩක කයිලියන් එම්බපේ මෙම සම්මාන උලෙලේදී දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට හිමි (Kopa Trophy) සම්මානයද දිනාගැනීමට සමත් විය.
මෙම සම්මාන උළෙලේදී පළමුවරට පිරිනමන ලද වසරේ දක්ෂතම ක්‍රීඩිකාවටද හිමි සම්මානය දිනා ගත්තේ 23 හැවිරිදි නෝර්වීජියානු ක්‍රීඩිකා අඩා හෙගර්බර්ග් විසිනි.