කාලෝස් බ්රැත්වේට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් පරදා තරගාවලියේ තම දෙවැනි ජයග්රහණය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ හතරවැනි තරගය ලෙස මෙය හම්බන්තොටදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 121 ක් රැස් කළහ. මොවින් සුභසිංහ ඉනිමේ වැඩිම ලකුනු ලාභියා බවට පත්වෙමින් ලකුනු 40 ක් රැස් කලේය.
පන්දු යැවීමේදී කාලොස් බ්රැත්වේට් කඩුළු 4 ක් දවා ගත්තේය.
අනතුරුව ලකුණු 122 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය කැන්ඩි කණ්ඩායම පන්දුවාර 15 කදී කඩුළු 5 ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය. කමිඳු මෙන්ඩිස් එහිදී පන්දු 34 කදී ලකුණු 44 ක් රැස්කලේය. පන්දුයැවීමේදී නුවන් ප්රදීප් කඩුළු 2 ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් දස්කම් දැක්වූ කාලෝස් බ්රැත්වේට් හිමිකර ගත්තේය.