සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ලකුනු 314ක ඉලක්කයක් හඹායන ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කලේය. පන්දු 43 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර ක් හා එක් හයේ පහරක් ඇතුලත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 313 ක් රැස් කලේය. ශ්රී ලංකා පන්දුයවන්නන්ට රිසි සේ පහරදුන් ඊබ්රහිම් සද්රාන් ලකුනු 162 ක් රැස් කලේය. පන්දු 138 වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15 ක් හා හයේ පහර 4 ඇතුලත් විය.