2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ (24) පැවැති ශ්රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී ළහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටොන් දාස් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් ඔවුන් දෙදෙනාට ජගත් ක්රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබේ.
තරග තීරකවරයා වූ ජවගල් ශ්රීනාත් විසින් ළහිරු කුමාරට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් හා ලිටොන් දාස්ට 15%ක දඩ මුදලක් පනවා තිබේ.
ඊට අමතරව ඔවුන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු එක බැගින් පැනවීමටයි පියවර ගෙන ඇත.