හොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (02දා) සමත් විය.
ඒ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී නේපාල කණ්ඩායම ලකුණු 40කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 06 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 123ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 83ක් පමණී.