ඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර්ගේ අතිවිශිෂ්ඨ පිතිහරඹය හමුවේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට එංගලන්තය සමත්වූහ.
තරගයේ ලකුනු 169 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්තය පන්දුවාර 16 ක් පමණක් වැය කොට කිසිදු කඩුල්ලක් නොදැවී මෙම ඉලක්කය පසුකර යාමට සමත්වීම විශේෂත්වයකි. එහිදී ඇලෙක්ස් හේල්ස් පන්දු 47 කදී ලකුනු 86 ක්ද ජොස් බට්ලර් පන්දු 49 කදී ලකුනු 80 ක්ද බැගින් රැස් කළහ.
ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට පන්දු 96 කදී නොබිඳනු ලකුණු 170 ක සබඳතාවක් පැවැත්වූ අතර එය විස්සයි විස්ස ලෝක කුසලානයකදී ඕනෑම කඩුල්ලකට වාර්තා වූ ඉහළම ලකුනු සබඳතාව විය. ඒ අනුව එළඹෙන ඉරිදා (13දා) මෙල්බර්න් හිදී පාකිස්ථානය හා එංගලන්තය අවසන්මහා තරගයට තරගවැදීමට නියමිතය.