පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන්පූර්ව වටයට ගමන් කළ සිව්වැනි අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය.
ඒ් මීට වසර 12 කට පෙර ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤය අවසන් 16 දෙනාගේ වටයේදී දඩුවම් පහර 3-0 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගය අල්- රයන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙය මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට ගමන් කළ පළමු අවස්ථාව විය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ නියමිත කාළය අවසන් වන විටත් කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තාකර ගත නොහැකි විය. ඒ හේතුවෙන් අතිරේක කාළයක් ලබාදුන්නද එහිදීද කණ්ඩායම් දෙකටම ගෝල වාර්තාකරගත නොහැකි වූ නිසා ජයග්‍රාහකයෙකු දඩුවම් පහර මගින් තෝරා ගැනීමට විනිසුරුවන් ක්‍රියා කලේය. එහිදී මොරොක්කෝ ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකුම සාර්ථකව දඩුවම් පහර එල්ල කළ අතර ස්පාඤ්ඤ ක්‍රීඩකයින් තිදෙනෙකුම එල්ල කළ පහරවල් අසාර්ථක විය.
2010 වර්ෂයේ ලෝක කුසලාන ශූරයින් ලෙසින් කිරුළු පැළඳි ස්පාඤ්ඤය ඉන් අනතුරුව පැවති තරගාවලි ත්‍රිත්වයේදීම ගමන් කළ ඉහළම මට්ටම වන්නේ අවසන් 16 දෙනාගේ වටයට පමණි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශණය කළ ස්පාඤ්ඤය තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් ලැබූ ඉහළම ජයග්‍රහණය වාර්තා කලේ කොස්ටාරිකා කණ්ඩායම පරදා ගෝල 7-0 ක ජයක් ලබමිනි.
කෙසේ වෙතත් අවසන් වරට නිකුත්වූ පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානයේ පසුවන මොරොක්කෝව, එහි 7 වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤය පරාජය කිරීම ඔවුන්ගේ තවත් අතිවිශේෂ ජයග්‍රහණයක් විය.
මෙවර තරගාවලියේදී අතිවිශිෂ්ඨ දක්ෂතා දැක්වූ අතර ඔවුන් එහිදී අපරාජිත කණ්ඩායමක් ලෙස මූලික වටය නිමා කිරීම කැපී පෙණින. ඒහිදී ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක දෙක ස්ථානයේ පසුවන බෙල්ජියමද ඔවුන් හමුවේ ගෝල 2-0 ක්ක ලෙස පරාජයට පත්වීම විශේෂත්වයකි.