නැමීබියාව හමුවේ ශ්රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි යන මතයේ තමන් තවමත් සිටින බව ශ්රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් පවසයි.
මේ වන විට මිකී ආතර් එංගලන්තතයේ ඩර්බිෂයර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු මීට පෙර සඳහන් කර තිබුණේ පාකිස්තානය හා ශ්රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇති බවයි.