පාකිස්ථානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තෆීක් උමාර් කෝවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෝවිඩ්-19 රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කළ ඔහුට රෝගය වැලදී ඇතැයි පසුගියදා(23දා) තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් තමාට රෝග ලක්ෂණ උත්සන්න වී නොමැති බව තෆීක් තහවුරු කොට ඇති අතර මේ වන විට ඔහු ස්වයං නිරෝධානයට ලක්වන බව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට හා එක්දින තරග 22 කට ක්‍රීඩා කොට ඇති තෆීක් වසර 13 ක කාළයක් පුරා ජාතික කණ්ඩායමේ වරින් වර ස්ථාන දිනා ගැණීමට සමත්වූ ක්‍රීඩකයෙකි.