බංග්ලාදේශ කණ්ඩායමේ නව ප්‍රධානපුහුණුකරු වීමට බලාපොරොත්තුවෙන් සිටින චන්දික හතුරුසිංහගේ සහයට බංග්ලාදේශයෙන්ම සහය පුහුණුකරුවෙකු සොයාගැනීමට මේ වනවිට සොයාබලන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
වසර දෙකක කාළයක් සඳහා චන්දික හතුරුසිංහ පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම්ගතවූ අතර එය එළඹෙන පෙබරවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
හතුරුසිංහ මීට පෙර 2014 වර්ෂයේ සිට 2017 දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙසින් ක්‍රියා කළ අතර එහිදී බංග්ලාදේශ ක්‍රිකට් ඉතා දියුණු මට්ටමට රැගෙන ඒමට ඔහු ක්‍රියා කලේය.
අනතුරුව ඔහු 2017 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වු නමුත් එම සාර්ථකත්වය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඔහු අපොහොසත්විය.
කෙසේ වෙතත් මේ වනවිට හතුරුසිංහ ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස්හි පිතිකරණ පුහුණුකරු ලෙසින් ක්‍රියා කරයි. ඔහු ඉන් ඉවත්වීමට ඉල්ලා අස්වීම මේ වනවිටත් එහි පාලනාධිකාරියට ලබාදී ඇති බව වාර්තා වේ. බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේදී විස්සයි විස්ස හා ටෙස්ට් පිටියේ ඉහළ ස්ථානයකට රැගෙන ඒම හතුරුසිංහගේ ප්‍රධාන වගකීමක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසා සිටියි.