පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊජිප්තු කණ්ඩායම හා සෞදි අරාබි කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනිමට සෞදි අරාබිය සමත්විය.
මෙම තරගයට ඊජිප්තු කණ්ඩායම නියෝජනනය කරමින් ප්රභල ක්රීඩක මොහොමඩ් සලාද සහභාගිවූ අතර ඔහු තරගයේ 22 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් ඊජිප්තුවට තරගයේ පෙරමුණ ගෙන දුන්නේය.
කෙසේ වෙතත් සෞදි කණ්ඩායමේ අල් ෆරාජ් (45’+6’) වැනි විනාඩියේදී දඬුවම් පරහක් සාර්ථක කර ගනිමින් තරගය 1-1ක් ලෙස සම කළේය.
ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරිමට නොහැකි වුවත් තරගයේ 90+5 විනාඩියේදී ගෝලවක් වාර්තා කිරීමට සෞදියේ අල් ඩව්සාරි සමත්වීමත් සමග තරගයේ ජය සෞදි අරාබියට හිමිවිය.
මේ අතර ඊජිප්තු දැළ රකින ක්රිඩීඩ ඇල් හැඩරි අද පාපන්දු වාර්තා අතරට එක්වූයේ පාපන්දු ලෝක කුසලානයකට ක්රීඩා කළ වයස්ගතම ක්රීඩකයා බවට පවත්වෙමින් ඔහුගේ වයස අවුරුදු 45ක් විය. ඔහු මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද පිඳුම් ලැබීය.
මේ අතර සත්කාරක රුසියාව හා උරුගුවේ කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 3-0ක් ලෙස ජය ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත්විය. ඒ අනුව උරුගුවේ ඒ කණ්ඩායමේ පෙරමුණ ගත් අතර රුසියාව මෙවර ලැබූ පළමු පරාජය මෙය විය.