සින්සිනාටි ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයෙන් ඉවත්වීමට සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට සිදුව තිබේ. ඒ පෙට්රා ක්විටෝවා හමුවේ තරග වට 2-1ක් ලෙස පරාජයට පත්වීමත් සමගිනි.
හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියස්ම් 23 න් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ජයග්‍රහණය කර තිබේ.
මේ අතර සිලිකොන් වැලි ක්ලැසික් ටෙනිස් තරගාවලියේ පළමු වටයෙන් ඉවත්වීමට සෙරීනාට පසුගියදා සිදුවූ අතර එය ඇය සිය ටෙනිස් දිවියේ ලැබූ දරැණුම පරාජයද විය. එහිදී බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකා ජොහැන්නා කොන්ටා හමුවේ ඇය 6-1ක් හා 6-0ක් ලෙස පරාජයට පත්විය.
සිය දරු ප්‍රසූතියෙන් පසුව නැවතත් ටෙනිස් පිටියට පිවිස ඇති සෙරීනා පවසන්නේ තමන් නැවතත් ආරම්භක අදියරේ පසුවෙන බවයි.