එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් හට තරගාවලියේ ඉදිරි තරග අහිමිව තිබේ. ඒ ඔහුගේ වැලමිටෙහි ආබාධ තත්ත්වයක් මතුවීම හේතුවෙනි.
ඒ අනුව ලක්මාල්ට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බවත්, ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ඔහුගේ ආබාධය සමීපව නිරීක්ෂණය කරමින්, එය සුව කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන බවත් එම ප්‍රාන්ත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආබාධ තත්ත්වය හේතුවෙන් සුරංග ලක්මාල්ට බොහෝදුරට 2022 එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වනවා ඇත.
කෙසේ වෙතත් ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සුරංග ලක්මාල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, බොහෝදුරට ඉදිරි දින කිහිපයේදී එම ආදේශක ක්‍රීඩකයා නම් කරනු ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසනුයේ, ලක්මාල් මෙවර තරගාවලියේදී සාර්ථක ආරම්භයක් ලද බවයි. එනිසා ඔහුගේ අහිමි වීම කණ්ඩායමට පාඩුවක් බවත් හෙතෙම පැවසීය. එමෙන්ම ඔහුගේ අදහස වනුයේ ලක්මාල් ඊළඟ වසරේදීත් ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි.
සුරංග ලක්මාල් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ලෙස්ටෂයර් කණ්ඩායමට කඩුලු 05ක් දවා ගනිමින් ප්‍රාන්ත කඩුලු දඩයම අරඹා තිබුණි.