සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී ලකුනු 134/7ක් රැස්කිරීමට සමත්වූයේය. කමිඳු මෙන්ඩිස් ලකුණු 41ක් රැස්කළේය. ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවටද නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 134/8 පමණි.
ලසිත් මාලිංග සිය පන්දුවාර 4දී ලකුණු 11ට කඩුලු 2ක් දවාගැනීමට සමත්වූයේය.දකුණු අප්‍රිකාවට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා ලකුණු 5ක් අවශ්‍ය වුවත් ඉසුරු උදාන සිය පන්දුවාරයේදී ලබාදුන්නේ ලකුණු 4ක් පමණි. කෙසේ වෙතත් අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ලට පහසු දුවද්දී දැවී යාමක් ලබාගැනීමට තිබූ අවස්ථාව මග හැරුණි.
ඒ අනුව තරගය සුපිරි පන්දුවාරයක් දක්වා යොමුවූ අතර ලසිත් මාලිංග යොමුකළ ඒම පන්දුවාරයේදී දකුණු අප්‍රිකාව ලකුණු 14ක් රැස්කළේය. පිළිතුරු ලෙස තිසර පෙරේරාට හා අවිශ්ක ප්‍රනාන්දුට ඉම්රාන් තාහීර්ගේ පන්දුවාරයේදී රැස්කළ හැකිවූයේ ලකුණු 5ක් පමණි.