ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර ඊයේ (17දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිලධාරීන් 70 කට ආසන්න කණ්ඩායමක් සීරුවෙන් තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීට පෙර ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවේදී කණ්ඩායම්වල ආරක්ෂාව සඳහා පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 25 දෙනෙක්ගේ කණ්ඩායමක් පමණක් යොදවන අතර, මෙවර එම සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කර තිබීම සුවිශේෂිය.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සීසීටීවී නැරඹුම් මැදිරියේ සහ තවත් ස්ථාන කිහිපයක සීඅයිඩී නිලධාරීන්ගේ කණ්ඩායම් යොදවා ඇති අතර, ඔවුන් තරගය පැවැත්වෙන පූර්ණ කාලසීමාව තුළ ක්‍රීඩාංගණයේ සෝදිසි කිරීම්වල නිරත වන බව අනාවරණය වේ.
මීට අමතරව ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය, ඇමැති ආරක්ෂක අංශය සහ පොලීසියේ ආරක්ෂාවද වැඩිකර ඇති බව හෙළි වේ.