කොළඹ හොකී සහ පාපන්දු සමාජයේ (සී.එච් ඇන්ඩ් එෆ්.සී) නව පුහුණුකරු වශයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බාල සොහොයුරු රෝහිත රාජපක්ෂ පත් කර ඇති අතර, කළමනාකාරිත්වයට ප්‍රථම වරට කාන්තාවක් පත් කර තිබේ. ඒ උදානි එදිරිසිංහයි. උදානි සැලකෙන්නේ මෙරට පළමු පිරිමි රග්බි ක්‍රීඩා සමාජ කළමනාකාරිනිය ලෙසයි.
ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ තරගාවලියට පෙර සහ ඩයලොග් රග්බි ලීග් 2020/21 තරගාවලියට පෙර කොළඹ හොකී සහ පාපන්දු සමාජය භාරව සිටි නිලධාරීන් කිහිප දෙනෙකුගේ වගකීම් වෙනස් කිරීමට තීරණය තිබේ.
මෙහිදී සී.එච් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩා සමාජයේ හිටපු නායක හා ශාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු නායක රෝහිත රාජපක්ෂ මහතා පළමු වතාවට ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම සුවිශේෂිය.