ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (16දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටලා එහි මූල්‍ය අංශය සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොනු පරීක්ෂා කර ඇතැයි 'අද' ට වාර්තා වේ.
තරග විකාශන සඳහා ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් හොංකොංහි ගිණුමකට නිසි අවසරයකින් තොරව බැරවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරු මත පදනම්ව එහි තවත් එක් අදියරක් ලෙස මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශය සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව විමර්ශන සඳහා අත්‍යවශ්‍ය ලිපිගොනු කිහිපයක් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ.