ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (13දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී හයේ පහරක් වළක්වා ගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමේදී ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ගේ තත්ත්වය යහපත් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉතිරි විස්සයි20 තරග තුනට ස්මිත් ක්‍රීඩා නොකරන බවත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත පාකිස්තාන තරග සංචාරය සඳහා ඔහු එක්වන බවත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකාව හා පැවැති තියුණු තරගයේ අවසන් පන්දුවාරයේදී මහීෂ් තීක්ෂණ එල්ල කළ පහරක් හයේ වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරන විට ස්මිත්ගේ හිස දරුණු ලෙස පොලොවේ වැදින.
ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් කෙරිණි.