සංචාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
ස්මිත් මෙහිදී පන්දු 192 කදී ලකුනු 104 ක් වාර්තා කිරීමට සමත්විය. ඔහුට මෙහිදී ලොව පහළ වූ විශිෂ්ඨම ටෙස්ට් පිතිකරුවා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අබිබවා යාමටද හැකිවිය.
බ්‍රැඩ්මන් ටෙස්ට් පිටියේදී ශතක 29 ක් වාර්තා කර ඇත. කෙසේ වෙතත් බ්‍රැඩ්මන් මේ සඳහා වැය කර ඇත්තේ ඉනිම් 80 ක් පමණක් වන අතර ස්මිත් මේ සඳහා ඉනිම් 162 ක් වැයකර ඇත. නමුත් ස්මිත් වාර්තා අතරට ගියේ ලොව අවම ඉනිම් ගණනකින් ශතක 30 සීමාවට පැමිණි පිතිකරුවා වෙමිනි.
මේ සමගින් ලොව වැඩිම ශතකලාබීන් අතර 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ස්මිත් සමත්විය. මෙහි පෙරමුනේ පසුවන්නේ ඉනිම් 329 කදී ශතක 51ක් වාර්තා කළ ඉන්දීයාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ස්මිත් ශතක 30 සීමාව පසුකළ තෙවැනි ඔස්ට්‍රේලියානු පිතිකරුවා වන අතර ඔහුට පෙර රිකී පොන්ටින් හා ස්ටීව් වෝ මෙම සීමාවට පැමිණීමට සමත්වූහ.