ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
සනත් ජයසූරිය මීට පෙර වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එහිදී ඉන්දියාව,එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
මෙම පත්වීම 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.