මෙක්සිකෝ සිටි (ෂිංහුවා) - බීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ "වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත" ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකාශයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් කියුබාව පදනම් කරගත් ප්රෙන්සා ලැටිනා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සියයට 45ක් කාන්තාවන් බවයි. මෙය වාර්තා ගත අගයක් බව එම පුවත් සෙවය පවසයි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩා අධ්යක්ෂ කිත් මැක්කොනෙල් පවසන්නේ මෙවර තරගාවලිය සඳහා එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,902 න් 1,325 ක් කාන්තාවන් බවයි. මෙය ශීත ඍතු ක්‍රීඩා උළෙලකදී පෙර නොවූ විරූ අනුපාතයක් බවද ඔහු පවසයි.
දකුණු කොරියාවේ පැවති 2018 වසරේ පැවැති ක්‍රීඩා උළෙලේදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සියයට 41ක් කාන්තාවන් විය. තරගාවලිය සඳහා කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේදී බීජින් 2022 සංවිධායකයින් දැඩි කැපවීමක් කළ බව මැක්කොනෙල් පවසා තිබේ.
2026 වසරේදී මිලානෝ-කෝටිනා ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා පෙර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අරමුණ වී තිබේ.