එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් දෙපොළක් වන බෙන් ස්ටෝක්ස් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව අතහැර ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන තරගාවලියට එක් වී තිබේ.
කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එක්වී ඇත්තේ සත්‍ය ෆෝමියුලා වන් තරගාවලියට නොව, ෆෝමියුලා වන් විසින්ම සංවිධානය කරනු ලබන අතාත්වික (Virtual) ෆෝමියුලා වන් තරගාවලිය සඳහාය.
මෙම තරගාවලියට මොවුන් සමගින් ලොව ඉහළම මට්ටමේ ෆෝමියුලා වන් ධාවකයන් එක්වී ඇති අතර, මොනාකෝහි චාල්ස්, ලෙක්ලාක් හා බ්‍රිතාන්‍යයේ ඇලෙක්ස් අල්බෝන්, ජෝජ් රසල් වැනි ක්‍රීඩකයන්ද මේ සඳහා එක්වී ඇත.
මෙම තරගාවලියට කණ්ඩායම් 10ක් තරග වදින අතර, මෙහිදී නිත්‍ය ෆෝමියුලා වන් ක්‍රීඩකයෝ ඔවුන්ගේ සුපුරුදු කණ්ඩායමට තරග වදිති. කෙසේ වෙතත් මේ සඳහා තෝරා ගනු ලබනුයේ සුදුසුකම් ලැබීමේ වටයන්ගෙන් අනතුරුව වීම විශේෂත්වයකි.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව ප්‍රසිද්ධ පාපන්දු තරුද මෙම තරගාවලියට එක්වී ඇත. ඒ ආර්ජන්ටිනාවේ සර්ජියෝ අගුඑරෝ, බෙල්ජියානු දැල් රකින ක්‍රීඩක තියබෝ කර්ටියස්, බ්‍රසීලයේ ආතර් මේලෝ වැනි ක්‍රීඩකයන්ය. මීට අමතරව එංගලන්ත ගොල්ෆ් ක්‍රීඩක ඉයන් පෝටර්ද මෙම තරගාවලියට එක්ව තිබීම විශේෂත්වයකි.