එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් සහ ඔහුගේ ක්‍රීඩා සමාජය වන නොටින්හැම්ෂයර් කණ්ඩායමේ සඟයෙකු මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන එංගලන්ත ජාතිකයෙකු වන හැරී ගර්නි සම දායකත්වය උසුලන අවන්හල කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩා විදින සිය ගම් පළාතේ වැසියන්ට උපකාර කිරීම සඳහා කඩ කාමරයක් හෙවත් ගමේ සිල්ලර කඩයක් බවට පරිවර්තනය කර ඇති බව බී. බී. සී වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම මිතුරන් දෙදෙනාට අයත් මෙල්ටන් මවුබ්රේ අසල ඇති එක් අවන්හලක් මෙසේ ගමේ වෙළඳසැලක් ලෙස පවත්වාගෙන යමින් ඔවුන් ප්‍රාදේශීය ප්‍රජාව පෝෂණය කිරීමට උදව් කරනවා පමණක් නොව, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට මුදල් ගෙවන බවට වග බලා ගනී.
තවද වයස අවු. 70 ට වැඩි අයට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කටයුතුවල නිරතව සිටින පිරිස් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ බෙදා හැරීමේ සේවාවක් ද ආරම්භ කර ඇති බව බී. බී. සී වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.
"සුපිරි වෙළඳ සැලකට නොගොස් මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අපි ඉඩ පහසුකම් සලසා තිබෙනවා. අපේ අසල් වැසියන්ට සති අන්තයේ සාප්පු සවාරි නොගොස් අවශ්‍ය කරන අත්‍යවශ්‍යම භාණ්ඩ ප්‍රමාණවත් ලෙස සපයන්න අපට හැකියාව තිබෙනවා" යැයි ගර්නි පැවසීය.
"අපේ මිනිස්සු හරිම විශිෂ්ටයි. ඔවුන් ඔවුන්ට හැකි පමණින් අපට අධාර කරනවා. පළතුරැ වට්ටි අපට ගෙනත් දෙනවා. ඒ නිසා අපේ කඩ කාමරය මේ වනවිට පිරිලා අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් පිරිලා තියෙන්නේ" යැයි ගර්නි වැඩිදුරටත් සඳහන් කළේය.
2016 සිට බ්‍රෝටන් හි සමාජ ශාලාවේ හිමිකාරීත්වය දරන බ්‍රෝඩ් කියා සිටියේ තම අවධානය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි නොවන බවයි.
"මේ මොහොතේ අපි සියළු දෙනාම පසු කරමින් ඉන්නේ ඉතා අසීරු කාලයක්. ඒ නිසා තමයි අපි අපේ ප්‍රජාවට උදව් කරන්න ඉදිරිපත් වුනේ. මෙය මේ අවස්ථාවේ අත්‍යවශ්‍යම දෙයක් කියලා අපි හිතනවා" බ්‍රෝඩ් පැවසීය.
"අපි ඉතා පරිස්සමින් තමයි මේ කාර්යය කරගෙන යන්නේ. වරකට දෙදෙනෙකුට පමණයි අපි සාප්පුවට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙන්නේ. ඒ වගේම අපි සියලුම සනීපාරක්ෂක කුම අනුගමනය කරමින් තමයි එය සිදු කරන්නේ. නමුත් කණගාටුවට කරැණ තමයි දිනපතා ප්රවෘත්ති වෙනස් වෙමින් පවතින එක" බ්‍රෝඩ් ඉතා හැගීම් බරව පවසා සිටියේය.
පසුගියදා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක එක්ව සිටි ස්ටුවර්ට් බ්‍රෝඩ් ප්රමුඛ එංගලන්ත කණ්ඩායම කොවිඩ් -19 වෛරසය නිසා තරගාවලිය ආරම්භ කිරීමටත් පෙර දෙරටේ එකඟතාවය මත තරගාවලිය නවතා දමා එංගලන්තය බලා පිටත්ව ගියේය. මේ අතර ගැරී ගර්නි අයි. පී. එල් තරගාවලිය සඳහා පෙර සුදානම් වෙමින් සිටියේය. කොවිඩ් - 19 වෛරසය නිසා එම තරගාවලිය ද මේ වන විට කල්දමා තිබේ.