සමාජ දුරස්ථ භාවය කඩ කළ නවසීලන්ත සුපිරි රග්බි ක්‍රීඩක (All Blacks කණ්ඩායමේ) රිචී මෞන්ගා ඇතුළු තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් නියෝජනය කරන කෘසේඩර් (Crusader) ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබේ.
ඒ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි Crusadeකෘසේඩර් කණ්ඩායම් ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියක් සඳහා සහභාගී වීම හේතුවෙනි. කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් නවසීලන්තය මේ වනවිට එරට නීති දැඩි කර ඇති අතර, සමාජ දුරස්ථ භාවය නීතියට ගරු නොකරමින් කටයුතු කිරීම නිසා රිචී මෞන්ගා ඇතුළු පිරිසට මෙම දඬුවම ලබාදී තිබේ.
කෘසේඩර් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කොලින් මෑන්ස්බ්රිඩ්ග් මහතා විදෙස් මාධ්‍යයට පවසා සිටියේ ඔවුන්ගේ මෙම හැසිරීම කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හෝ අනුමත කිරීමට සූදානම් නොමැති බවත් ඊට නිසි දඬුවම් හිමිවන බවත් ය.