එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන ‘සමර්සෙට්’ ප්‍රාන්ත කණ්ඩායම විසින් හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය එකඟතාවකින් යුතුවය. 34 හැවිරිදි ෆිලැන්ඩර් ‘කෝල්පැක්’ ගනුදෙනුවක් සඳහා සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, ඔහු විදේශීය ක්‍රීඩකයෙකු ලෙස ආදේශ කිරීමට නොහැකි වීම මෙයට හේතුව වී තිබේ.
එමෙන්ම කෝවිඩ් -19 හේතුවෙන් මතුව තිබෙන වර්තමාන අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන ඔහුගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම විචක්ෂණශීලී හා බුද්ධිමත් තීරණයක් බව සමර්සෙට් ක්‍රිකට් අධ්යක්ෂ ඇන්ඩි හුරි පවසා ඇත.
කෙසේ වෙතත් වර්නන් ෆිලැන්ඩර් නැවතත් සමර්සෙට් කණ්ඩායමට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවද සමර්සෙට් ක්‍රිකට් අධ්යක්ෂවරයා පවසා සිටියේය.
වර්තමානයේ මතුව තිබෙන අවිනිශ්චිතතාව හේතුවෙන් රටවල් කිහිපයක් 2020 තරග වාරය සඳහා අත්සන් කළ ක්‍රීඩකයන් සමග ඇති ගිවිසුම් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. ෆිලැන්ඩර්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 64ක්, එක්දින තරග 30ක් සහ විස්සයි 20 තරග 07කට ක්‍රීඩා කර ඇත.