සත්කාරක දකුණු අප්රිකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගයේදී අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීතිරිති කඩකිරීමේ වරදට එංගලන්ත වේගපන්දු යවන ක්රීඩක සෑම් කරන්ට දඩ පනවා ඇත.
දකුණු අප්රිකාව සමගින් පසුගියදා (29දා) පැවති මෙම තරගයේදී කරන්ට මෙම දඩ පනවා ඇත්තේ ක්රීඩකයෙකු විසින් දැවී යාමකදී තවත් ක්රීඩකයෙකු කුපිත කරවීම් හෝ අවේගශීලී ප්රතිචාරයක් දැක්වීමට තුඩු දීම යන චෝදනාව යටතේයි.
මේ හේතුවෙන් සෑම් කරන්ට තරග මුදිලින් සියයට 15 ක දඩයක් පනවා ඇත. මීට අමතරව කරන්ට මෙම සිදුවීමට අදාළව එක් අසාදු ලකුණක්ද පැනවීමට අයි.සී.සී. ය ක්රියා කර ඇත.
කෙසේ වෙතත් පසුගිය මාස 24 ට අදාළව කරන්ගේ සිදුවූ පළමු වරද එය වේ. කෙසේ වෙතත් සෑම් කරන් මෙම වරද පිළිගෙන ඇත.
එම තරගයේ 28 වැනි පන්දුවාරයේදී දකුණු අප්රිකානු පිතිකරු ටෙම්බා බවුමා දවාගැනීමෙන් අනතුරුව සෑම් කරන් විසින් ප්රමාණය ඉක්මවා සතුට සැමරීම, මෙම සිදුවීමට හේතුවී ඇත.