ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකින් ඉන්දීය පිතිකරු සංජු සැම්සන් ඉවත් වී ඇත.ඒ් පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව සමගින් වැන්කඩේ හිදී පැවති පළමු තරගයේදී පැතුම් නිශ්ශංකගේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී සංජු සැම්සන් මෙලෙස ආබාධයකට ලක්විය.
මේ වන විට ඔහු වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග සඳහා තවමත් අන්තර්ජාතික වරම් දිනා නොමැති ජිතේෂ් ෂර්මා නම්කොට ඇත.
පසුගිය අයි.පී.ඒල්. (2022) තරගාවලියේදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ෂර්මා වේගයෙන් පන්දුවට පහරදෙන්නෙකු ලෙසින් ප්රකටය.