Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ.
ඒ වන විටත් කමිටුවේ සාමාජිකයෙකුව සිටි සංගක්කාර හිටපු එංගලන්ත නායක මයික් ගැටිං මහතාගෙන් කමිටුවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනී.
එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමිස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් ඇතුළත් වේ.
මෙම කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට අනුපූරක ආයතනයක් ලෙස ක්‍රියා කරන අතර ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ.
සංගක්කාර 2019 දී MCC හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති බවටද පත්විය. ඔහු වසර දෙකක කාලයක් එම තනතුර දැරීය.