ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.
එම යෝජනා කුමන පාර්ශ්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයන් ජයගත්තත් ඔවුන් සමග ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එසේම එම යෝජනා සති තුනක් තුළ කැබිනට් මණ්ඩලයටත් ලබන මැයි මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් අමාත්‍යවරයා සහතික වී තිබේ.