ජනාධිපති මැතිවරණයක් සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එක් නොවෙනු ඇති බවත් ඒ පිළිබඳව ඔහු සමග සාකච්ඡා කර ඵලක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් හා අමාත්‍යවරයා අතර ඇති වූ සංවාදය මේ ආකාරයෙනි.
A ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග පැය දෙකක සාකච්ඡාවක් පැවැත්වූවා කියා අපිට තොරතුරු ආවා?
අමූලික බොරුවක්නේ ඔබතුමාගේ ආයතනයට කවුරු හරි කියලා තියෙන්නේ. සංගක්කාර මහත්තයා ඇවිත් මාත් එකක විනාඩි 10ක් විතර කතා කළා සෞඛ්‍ය ව්‍යාපෘතියක් පිළිබඳව.ඒක කතා කළාම මම කිව්වා ඒක ගැන දේශපාලන, කැබිනට් තීන්දුවක් ගන්න ඕන. මේක ඒකට කාලේ නෙමෙයි. මේක මැතිවරණ වර්ෂයක් ඒක නිසා අපි අර්බුදකාරී කිසිම තීන්දුවක් කරන එකක් නෑ. අලුතෙන් පිහිටුවන ආණ්ඩුවත් සමග කතා කරලා ඒක කරමු කිව්වා.
A ඒ කියන්නේ සිද්ධිය අත්ත කාලයයි වැරදි?
මොන සිද්ධියක්ද?
A ඒ කියන්නේ පැය දෙකක් කියන එක?
සංගක්කාර නෙමෙයි හැමෝම එනවා මෙහාට.
A ජනාධිපති අපේක්ෂක කම ගැන සාකච්ඡා වුණේ නැත්ද?
මට එහෙම ඔළුවේ අමාරුවක් නෑ. සංගක්කාරටත් එහෙම අසනීපයක් නෑ. සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නෑ ජනාධපතිලව පත් කරන්න ලංකාවේ.
A ඒක පැහැදිලියි ස්ථිරයි?
ඔව් ස්ථිරයි. ජනාධිපති තරගයකට සංගක්කාර එක්ක, ක්‍රිකට් ගහන මිනිස්සු එක්ක කතා කරලා වැඩක් තියෙනවද? ඡන්දෙට ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න ඕන.
A ඔබතුමා කිව්වා නියම බුලට් එකක් දෙනවා කියලා?
ඒ මනුස්සයා ඉස්සෙල්ලා කැමති වෙන්න එපැයි බුලට් වෙන්න.