ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලි ඉතිහාසයේ කඩුළු 150 සීමාවට පැමිණි මුල්ම පන්දු යවන්නා ලෙසින් ෂෝන් ඇබොට් ඉතිහාසගතවිය.
ඒ මෙවර තරගාවලියේ හෝබාට් හරිකේන්ස් සමගින් ඊයේ (23දා) පැවති තරගයේදීය. සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඇබොට් මෙහිදී හරිකේන්ස් පිතිකරු ෆහීම් අෂ්රෆ් දවා ගනිමින් මෙම සුවිශේෂී කඩඉමට පැමිණීමට සමත්විය.
ඒ සඳහා ඔහු ඉනිම් 106කට සහභාගි වී ඇත.
2011 වර්ෂයේ සිට බිග්බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ඇබොට් සික්සර්ස් කණ්ඩායම හැරුණු කොට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමටද ක්‍රීඩා කර ඇත.
ඇබොට් බිග් බෑෂ් ලීගයේ වැඩිම කඩුළු ලාභියා ලෙස වැජඹෙන විට ඇන්ඩෘ ටායේ එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉනිම් 98 කදී කඩුළු 142 ක් දවා ගෙන ඇත. එමෙන්ම කේන් රිචඩ්සන් ඉනිම් 99 කදී කඩුළු 128 ක් දවා ගැනීමට සමත්ව ඇත.