ප්රභල නවසීලන්තය පරදා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සමත්විය. සිඩ්නි හිදී පැවති තරගයේ ලකුණු 153 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19.1 ක් තුළ ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය. මොහොමඩ් රිස්වාන් එහිදී ලකුනු 57 ක් හා බාබර් අසාම් ලකුණු 53 ක බැගින් රැස් කළහ. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 105 ක සබඳතාවක් පැවැත්වීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුනු 152 ක් රැස් කළහ. ඩැරිල් මිචෙල් පන්දු 35 කදී ලකුනු 53 ක් රැස් කලේය. පන්දු යැවීමේදී ෂාහින් ෂා අෆ්රිඩි කඩුළු 2 ක් දවා ගත්තේය. තරගයෙ වීරයා සම්මානය හිමිකර ගත්තේ පිත්තෙන් දස්කම් දැක්වූ මොහොමඩ් රිස්වාන්ය.
මෙය පකිස්ථානය විස්සයි විස්ස ලෝක කුසලානයක අවසන්මහා තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව විය මීට පෙර 2007 වර්ෂයේදී හා 2009 වර්ෂයේදී ඔවුන් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් හිමිකර ගත්හ. ඒ සමගින් විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන්මහා තරගයට වැඩිම වාර ගණනක් ක්රීඩා කරමින් ශ්රී ලංකා කණ්ඩායම තබා තිබූ වාර්තාව සමකිරීමටද ඔවුන් සමත්වූහ.