සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් රැස් කළේය.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක චරිත් අසලංක ලකුණු 127(126) රැස් කිරීමට සමත් විය.
ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 215ක් රැස් කරගත යුතු වේ.