විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවති තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය. ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 185 ක් රැස් කලේය.
කේන් විලියම්සන් එහිදී ලකුණු 61 ක් රැස් කලේ පන්දු 35 කදීය. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ජොෂ් ලිට්ල් කඩුළු 3 ක් දවා ගත්තේ කඩුළු ත්‍රිත්වයේ අවස්ථාවක් සමගිනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුනු 150 ක් පමණි. ලොකී ෆර්ගසන් නවසීලන්තය වෙනුවෙන් කඩුළු 3 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ගමන් කිරීමට නම් මෙම තරගයේ ජය අයර්ලන්තයට හිමිවිය යුතුව තිබිණ. කෙසේ වෙතත් මේ නිසාම ඔවුන්ට අවසන් පූර්ව වටයට ගමන් කීරීමට නම් මේ වන ඔස්ට්‍රේලියා- ඇෆ්ගනිස්ථාන තරගයෙන් අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාව පරාජයට පත්විය යුතුය.