ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්රි ලංකාව අසමත්වුවද එළඹෙන 2024 වර්ෂයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.
ඒ මෙවර තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ සිව්වැනි ස්ථානය වෙනතුරු ආරක්ෂා කර ගැනීමට ඔවුන් සමත්වීම හේතුවෙනි. ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් ප්රසාද ලකුණු සටහනට අනුව පළමු ස්ථාන 4 හිමිකර ගන්නා කණ්ඩායම් එළඹෙන කොදෙව් දූපත් හා ඇමරිකාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම (සුදුසුකම් ලබාගැනීමේ තරග ක්රීඩා නොකර) සුදුසුකම් ලබයි.
හෙට (04) එංගලන්තය සමගින් පැවැත්වෙන තරගය ශ්රී ලංකාව ජය ගත්තද ඔවුන්ට අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වුවද ප්රසාද ලකුනු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පැමිණීමේ අවස්ථාවක් ඇත.