දකුණු ආසියානු රටවල් වෙත ලා ලීගා තරග නොමිලයේ නැරඹීමට අවස්ථාව උදාකරමින් ලා ලීගා තරග සංවිධායකයන් හා ෆේස්බුක් සමාගම සුවිශේෂී ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව සිකුරාදා ආරම්භවන ලා ලීගා තරගාවලියේ තරග 380 ශ්රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය යන රටවලවලට සජීවීව ෆේස්බුක් හරහා නැරඹීමට අවස්ථාව ලැබි ඇත.
තරගාවලිය වෙනුවෙන් පුළුල් ප්රේක්ෂක අවධානයක් දිනා ගැනීම වෙනුවෙන් ලා ලීගා තරග සංවිධායකයන් මෙම තීරණය ගෙන තිබේ. ලියොනාල් මෙසී ඇතුළු දැවැන්ත පාපන්දු ක්රීඩකයන් රාශියක් ලා ලීගා තරගාවලියට ක්රිඩා කරයි. බාසිලෝනා, රියල් මැඩ්රිඩ් වැනි ප්රධාන පෙළේ පාපන්දු ලීග කණ්ඩායම් තරග වදින තරගාවලිය වන්නේද ලා ලීගා තරගාවලියයි.