ජාත්‍යන්තර කාන්තා විස්සයි20 පිටියේ ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඇලිසා හීලි සමත්වූවාය.
ඇය පන්දු 61කදී නොදැවී ලකුණු 148ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්වූවාය. හතරේ පහර 19ක් හා හයේ පහර 07ක් ඇයගේ ඉනිමට ඇතුළත් වූවාය.
මෙහිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2ට ලකුණු 226ක් වාර්තා කිරීමට සමත්වූයේය.