සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා ක ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 287කට දැවී ගියේය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දිනය පුරාම සිය අන්තය ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණ අතර ඔහු සිය අටවැනි ටෙස්ට් ශතකයද සමගින් ලකුනු 158ක් නොදැවී රැස්කිරීමට සමත්වූයේය.
අවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූහ.
සඳකැන් පන්දු 55කදී ලකුණු 25ක් රැස්කිරීමට සමත්විය.
දකුණු අප්රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කාගිසෝ රබාඩා කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූ අතර දඟ පන්දු යවන ක්රීඩක ටී. ශම්සි කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.