බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 328ක් ලබා ගැනීමට සමත් විය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 153ක් හා ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැදී සිටියි.
ඔවුන් දෙදෙනා අතර 9 වැනි කඩුල්ලට මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 107ක්.
එය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයක ඉනිමක 9 වැනි කඩුල්ල සදහා වාර්තා වූ හොදම සබදතාවයයි.
දිනය නිමා වන විට කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වූ ලකුණු සංඛ්‍යාව 279ක්.