සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රි ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.
ලකුණු 29කට කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයක සිටි ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 91ක් දක්වා රැගෙන යාමට කුසල් පෙරේරා (35) හා ධනංජයද සිල්වා (37) සමත්වූහ.
චරිත් අසලංක ලකුණු 24ක් රැස් කළේය. ශ්රී ලංකා ඉනිමේ අවසන් කඩුලු ත්රිත්වය එක් ලකුණක් තුළ දවා ගැනීමට නවසීලන්තය සමත්වූයේය.