සංචාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, මෙම ජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමටද නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත අයර්ලන්ත - නෙදර්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (02දා) නෙදර්ලන්තයේ යූට්රෙක්ට්හිදී පැවැත්විණි.
මෙහිදී පළමුව පන්දුවට පරදුන් නෙදර්ලන්තයට පන්දුවාර 50 තුළදී සියලු දෙනා රැදී රැස්කළ හැකිවූයේ ලකුණු 195ක් පමණි. කෙසේ නමුත් ලකුණු 196ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තයට නියමිත පන්දුවාර 50 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 194/9ක් පමණි. ඒ අනුව එක් ලකුණක තියුණු ජයක් ලැබීමට නෙදර්ලන්තයට අවස්ථාව උදා විය.
කණ්ඩායම් 13ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ නෙදර්ලන්තය ක්‍රීඩාකළ පළමු තරගය මෙය විය. ඒ හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ (13) සිට 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය.
බංග්ලාදේශයට එරෙහිව තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව සැලසිලිදායක ජයක් ලැබූවද, නෙදර්ලන්තය ලැබූ ජයත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාවට අවසන් ස්ථානය දක්වා පහළට වැටීමට සිදුව ඇත. සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ පසුවද්දී, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ මෙන්ම අයර්ලත්තය තවමත් ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානයක රැඳී සිටීම සුවිශේෂී වෙයි.
සුපර් ලීගය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව, බ.ඉ. කොදෙව්වන් සමගින් එක්දින තරග 03කට ක්‍රීඩාකළ අතර, එම තරග සියල්ලේම පරාජය භාරගැනීමට සිදුවිය. ඉන් අනතුරුව බංග්ලාදේශය සමගින්ද එක්දින තරග 03කට ක්‍රීඩාකළත්, එහිදීද තරග 2-1ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට අවස්ථාව උදාවිය. මේ වනවිට ඔවුන් තරග 09කට සහභාගි වී ඉන් තරග 05ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 50ක් ලබා සිටියි.
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහන
කණ්ඩායම
|
තරග
|
ජය
|
පරාජ
|
ප්‍රසාද ලකුණු
|
1 බංග්ලාදේශය
|
9
|
5
|
4
|
50
|
2 එංගලන්තය
|
9
|
4
|
5
|
40
|
3 පාකිස්තානය
|
6
|
4
|
2
|
40
|
4 ඔස්ට්‍රේලියාව
|
6
|
4
|
2
|
40
|
5 නවසීලන්තය
|
3
|
3
|
0
|
30
|
6 ඇෆ්ගනිස්තානය
|
3
|
3
|
0
|
30
|
7 බ.ඉ. කොදෙව්
|
6
|
3
|
3
|
30
|
8 ඉන්දියාව
|
6
|
3
|
3
|
29
|
9 නෙදර්ලන්තය
|
1
|
1
|
0
|
10
|
10 සිම්බාබ්වේ
|
3
|
1
|
2
|
10
|
11 අයර්ලන්තය
|
7
|
1
|
6
|
10
|
12 දකුණු අප්‍රිකාව
|
3
|
1
|
2
|
09
|
13 ශ්‍රී ලංකාව
|
6
|
1
|
5
|
08
|