සත්කාරක බංග්ලාදේශය සමගින් චිතගොංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේසිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු39ක් ලබා අසීරු තත්ත්වයක සිටිති. ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු29ක් පසුපසින් සිටින්නේ කඩුලු08ක් පමණක් අතැතිවයි.
ලකුණු 68ක් පසුපසින් සිටිමින් ඊයේ (18දා) ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු පිටියට පැමිණියද ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂධ අනවශ්‍ය ලෙස දුවද්දී දැවී ගියේ ලකුණු 19කටය. ඒ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 36ක් ලෙස සටහන් වද්දීය. අනතුරුව සැඳෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පැමිණි ලසිත් ඇඹුල්දෙණියටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳීසිටීමට නොහැකි වූ අතර, තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු ලකුණු 02කට දැවී ගියේය.නායක දිමුත් ලකුණු 18ක් රැස් කරගෙන නොදැවී කඩුල්ලේරැඳීසිටියි.
තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට කඩුලු03ක් දැවී ලකුණු 318ක්ලබාසිටි බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලකුණු 465ක්රැස්කළහ.
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 400 සීමාවට රැගෙන පැමිණි මුෂ්ෆිකර් රහීම් සිය පරිණතභාවය නැවතත් විදහා දක්වමින් තම08වැනි ශතකය රැස් කළේය.මෙහිදී මුෂ්ෆිකර් බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු පන්දහසේ සීමාව පසුකර ගිය පළමු පිතිකරුවාබවට පත්වීම කැපී පෙනිණි. ඔහුට අගනා සහායන් ලබාදුන් ලිටන් දාස් ලකුණු 88ක් රැස් කළේය. මුෂ්ෆිකර් හා ලිටන් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 165ක සබඳතාවක් ගොඩනැගුණි.
පිතිකරණය අතරතුර ඇතිවූ ආබාධය හේතුවෙන් පෙරේදා (18දා) පිටියෙන් ඉවත්වූ තමීම් ඉක්බාල් ඊයේ නැවත පිතිකරණයට පිටියට පැමිණියද ඔහු පළමු පන්දුවෙන්ම දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේදීය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ තමීම් එහිදී ලකුණු 133ක් රැස් කළේය.මෙහිදී බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 5,000 සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා වීමේ භාග්‍ය තමීම්ගෙන් ගිලිහී ගිය අතර, දැවී යනවිටඔහුටඒසඳහාඅවශ්යවී තිබුණේ ලකුණු 19ක් පමණි.
බංග්ලාදේශ අවසන් කඩුලු06 ලකුණු 80ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකාපන්දුයවන්නෝසමත්වූහ. බංග්ලාදේශ අවසන් පිතිකරු ෂොරිෆුල් ඉස්ලාම් රාජිතගේ පන්දුවක් ශරීරයේවැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්වීමත් සමගින් බංග්ලාදේශ පළමු ඉනිම නිමාවිය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ කසුන් රාජිත කඩුලු04ක් දවා ගත්තේය. ඔහු මෙම තරගයේදී ආබාධයට ලක්වූ විශ්ව ප්‍රනාන්දු වෙනුවට අතිරේක ක්‍රීඩකයා (Concussion substitute) ලෙසින් ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 397ක්රැස්කළේය. එහිදී ඇන්ජලෝමැතිව්ස්අගනාලකුණු 199ක්රැස්කිරීමට සමත් විය.
අද (19දා) තරගයේ පස්වැනි හා අවසන් දිනයයි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමලකුණු 39/2 (පන්දුවාර 17.1)
දිමුත් කරුණාරත්න 18 (45, 4x2), ඕෂධ ප්‍රනාන්දු 19(36, 4x3), ලසිත් ඇඹුල්දෙණිය 2 (පන්දු 22), තයිජුල් ඉස්ලාම් 1/0 (පන්දුවාර 1.1)
බංග්ලාදේශය පළමු ඉනිම ලකුණු 465/10 (පන්දුවාර 170.1)
තමීම් ඉක්බාල් 133 (218,4x15), මුෂ්ෆිකර් රහීම් 105 (282,4x4), ලිටන් දාස් 88 (189,4x10), කසුන් රජිත 4/60(පන්දුවාර 24.1), අසිත ප්‍රනාන්දු 3/72 (පන්දුවාර 26)
ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 397/10 (පන්දුවාර 153)