සංචාරක දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් අබියසට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයද ජයගැනීමට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 05ක් පමණි. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දින දෙකක් ඉතිරිව තිබේ.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව දකුණු අප්‍රිකානුවන් කඩුලු 05ක් අතැතිව තවත් ලකුණු 351ක් පිටුපසින් සිටියි. දකුණු අප්‍රිකානුවන්ට තරගය අවම වශයෙන් ජයපරාජයෙන් තොරව හෝ අවසන් කරගැනීමට තවත් දවස් දෙකක් යනතුරු ඉතිරි කඩුලු 05ක් සුරක්ෂිත කරගැනීමට සිදුව තිබේ.
පසුගිය 20 වැනිදා ආරම්භ වූ මෙම තරගය අවසන්වීමට තවත් දින දෙකක් ඉතිරිව ඇති හෙයින්, මෙම තරගයේද තීරණයක් අපේක්ෂා කළ හැක. එය බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයක් වීමට වැඩි අවස්ථාවක් පවතී.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට පන්දුවාර 104.1දී සියලු දෙනා දැවී ලකුණු 338ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් ලකුණු 338ක් පිටුපසින් හිඳිමින් පළමු ඉනිමට පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දුවාර 34.5දී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.
ඒ අනුව ලකුණු 214ක වාසියක් සමගින් දෙවැනි ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 81ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී අද (22දා) සිය දෙවැනි ඉනිම අත්හිටුවමින් දකුණු අප්‍රිකානුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 338/10 (පන්දුවාර 104.1)
ධනංජය ද සිල්වා 60 (109, 4x8), ධනුෂ්ක ගුණතිලක 57 (107, 4x6), දිමුත් කරුණාරත්න 53 (110, 4x4), අකිල ධනංජය නොදැවී 43 (91, 4x7), රංගන හේරත් 35 (68, 4x4), රොෂේන් සිල්වා 22 (46, 4x3), කෙෂාව් මහරාජ් 9/129 (41.1), කාගිසෝ රබාඩා 1/55 (20)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 124/10 (පන්දුවාර 34.5)
ෆෆ් ඩු ප්ලෙසිස් 48 (51, 4x8, 6x1), කුයිටන් ඩි කොක් 32 (31, 4x3), හෂිම් අම්ලා 19 (58), අකිල ධනංජය 5/52 (13), ඩිල්රුවන් පෙරොරා 4/40 (12.5), රංගන හේරත් 1/32 (9)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 275/5 (පන්දුවාර 81)
දිමුත් කරුණාරත්න 85 (136, 4x12), ඇන්ජලෝ මැතිව්ස් 71 (147, 4x7), ධනුෂ්ක ගුණතිලක 68 (97, 4x6, 6x2), රොෂේන් සිල්වා නොදැවී 32 (99, 4x2), කුසල් මෙන්ඩිස් 18 (27, 4x3), කෙෂාව් මහරාජ් 3/154 (40), ලුන්ගි එන්ගිඩි 1/9 (9)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 139/5 (පන්දුවාර 41)
තෙවුනිස් බ්රයින් නොදැවී 45 (97, 4x7), ටෙම්බා බවුමා නොදැවී 14 (17, 4x1), ඩීන් එල්ගා 37 (80, 4x4), ඒඩියන් මැක්රම් 14 (24, 4x3), රංගන හේරත් 2/54 (15), අකිල ධනංජය 2/35 (10), ඩිල්රුවන් පෙරේරා 1/38 (16)